හොඳටම බය වෙලා කියලා පේනවා නේද? එයාට දැනෙන්න ඇතිනෙ සනුහරේ කට්ටියගෙ ජීවන සුවඳ. හැබැයි අපි මෙයාව මෙතනට ගෙන්නුවෙ පරලෝකෙ යවන්න නෙමේ. ජීවිතේ බේර ගන්න.
මස් මාළු කන අපි මොන තරම් පව්කාරයොද කියලා හිතෙන්නෙ මේවගේ තැනකට ගියහම තමයි. ඒ හැම ප්‍රාණියෙකුටමත් ඇතිනෙ හිතක්. උන් ට ඒ ලේ සුවඳ ආපු මොහොතෙ පටන් මැරෙන කම්ම, කී වතාවක් උන් හිතෙන් මැරෙනවා ඇද්ද?
අපි මෙයාගෙ අයිතිකාරයට සල්ලි දීල ගෙදර ගෙනාවා. එහෙ ඉඳන් අපේ ගෙදරට ටිකක් දුර නිසා ලොරියක පටවලා ගේන්න උනා. එයාගෙ අයිතිකාරයටම අපි කිව්ව ලොරියට පටවලා දෙන්න කියලා. අනේ ඒ කෙනා ගිහින් කඹේ ඇල්ලුවා විතරයි මෙයාට මළ, මුත්‍රා දෙකම පිට උනා.
( ඒ සිද්ධියෙ වීඩියෝ එකක් නං තියෙනවා,, මේකට දාන්න බැහැ නෙ :( )
ඔය දෙවෙනි පින්තූරෙ තියෙන්නෙ ගමනට ලෑස්ති කරපු හැටි. ආ මෙයා වැස්සි පැටියෙක් හොඳේ. ලොරියට නග්ගගෙන අපි එන්න හදනකොටයි ඇඟ සීතල වෙන කතාව අහන්න ලැබුණෙ
. " මෙයා දෙපාරක් ම මස් කඩේට ඇවිදින් ආපහු ගියා මහත්තයා, ඒ දෙපාරෙම මස් වැඩියි කියලා මෙයා මරණෙන් බේරිච්චි එකෙක්",,, .
මගේ ජීවිතේට මේවගේ පින්කමක් කරපු පළමු වතාව මේක නෙමේ. මේ අපි නිදහස් කරපු හතරවෙනි එළදෙන. මුල් දෙවතාවෙම මේ අලුත්ගම මස් කඩය ආසන්නයෙදිත්, තෙවෙනි වතාව කළුතර බෝධිය මගින් කෙරෙන් පින්කමකදිත් මට, අපේ පවුලෙ අයට වාසනාව ලැබුණා ජීවිත හතරක් බේර ගන්න.
ඉහත ආත්මෙක කරපු පිනකට මේවගේ දන් පින්කරන්න හිතක් ලැබුණ එක මොන තරම් වාසනාවක්ද? ඒත් ඉතින් කරපු කරුම්වල මහත කියන්නෙ මටත් තවම බැරි උනා මාළු සහ කිකිළියො මම වෙනුවෙන් මැරෙන එක නවත්තන්න. ..
එක වතාවකදි හරකා වෙනුවෙන් මුදල් ගෙවන්න අපිට සිද්ධ උනා ඔවුන්ගෙ රාජකාරි අහවර වෙනකම් බලන් ඉන්න. පැය භාගයක් ඇතුලත හරකුන් දොළොස් දෙනෙකු පමණම පරලොව යවන්න තරම් ඔවුන් කාර්‍ය ශූර උනා. මම නම් වහනේට වෙලාම හිටියා, අපේ මහත්තයා ගියා චණ්ඩියා වගේ බලන්න, මෙන්න ටික වෙලාවකින් එයත් වාහනේට නැග්ගා. සත්තුන්ගෙ කුර, වල්ගා එහෙම වෙන වෙනම ගොඩ ගහලා කොහෙදෝ අරන් ගියා...
කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් කෙරෙන ගවයන්ට අභය දානය දීමේ පිංකම පැවැත්වෙන්නෙ කලෙකට ඉස්සර " ගව ඝාතකාගාරය " තිබුණු තැනලු. එහෙන් නිදහස් කෙරෙන ගවයින්ව තන්තිරිමලේ ට යවනවා. එහෙ ඉන්න කිරි ගොවීන්ට උන්ව බෙදාදෙනවා. අවශ්‍යතාවයක් තියෙනවා නම් පස්සෙ කාලෙක උනත් අපි නිදහස් කරපු ගවයා ගැන හොයා බලන්න පුළුවන්.
මීට වසර පහකට පෙර අපි නිදහස් කරපු පළමු සතා නම් දැන් මවක්. අපි දන්න කියන කෙනෙකුට තමයි දුන්නෙ හදාවඩා ගන්න. දෙවනි එක්කෙනත් දුන්නෙ කිරි ගොවියෙකුට. එයත් හොඳ සනීපෙන් ඉන්නවා. තුන් වෙනියා ගියේ තන්තිරිමලේ නේ. එයා නම් බලන්න යන්න බැරි උනා. මේ තමයි හතර වෙනියා. .
ඔය ඉන්නෙ ගෙදරට ආවට පස්සෙ .
මෙයව බලාගන්න දෙන්න කෙනෙක්ව හොයනකොට අපේ වඩු බාස් උන්නැහැ කිව්ව එයාගෙ ගෝලයට දෙන්න කියලා. ඔය ඉන්නෙ ඒ කෙනා තමයි. එයාගෙ ගෙදරටත් ටිකක් දුර නිසා අපේ කලූට ආයෙත් ලොරියක යන්න උනා. හිතන්න ඇති මේ වතාවෙ නං මස් කඩේටම තමා කියලා.
මම කලින් වතාවක මස් කඩේ ළඟ ඉන්නකොට දැක්කා මරන්න හදන්කොට ඉන්නෙත් මෙහෙම තමයි. බලන් හිටපු අපි කාටත් අනේ,,, කියලා කියවුනා. ඒත් ඉතින් මේ ගෙනියන්නෙ හොඳට බලා ගන්නනේ. මරන්න නෙමෙයිනේ....
මෙයාව ලොරියට පටව ගන්න සෑහෙන වෙහෙසක් ගන්න උනා. අර විදිහටම සෑහෙන වෙලා බෙල්ල පොළවෙ තියා ගෙනයි හිටියෙ..
එයා නං හොඳින් ඉඳියි. ඒත් අනිත් සත්තු.
" මිස් සතෙක් නං ඉන්නවා, හැබැයි කළු පාටයි" ,නිදහස් කරන්න සතෙක් හොයන වෙලාවෙ උදව් කරපු කෙනා කිව්වා.
" ඉතින් ඇයි? "
" මිස් ,, සාමාන්‍යයෙන් නිදහස් කරන්න ගන්නෙ දුඹුරු පාට සත්තු" " කමක් නෑ... පාට මොක උනහම මොකෝ" මට නං හිතුනෙ එහෙම...
" මිස් මෙයා නොගත්තනං ඉස්සරහට එන උත්සව කාලෙ නිසා හෙට අනිද්දට අනිවාර්‍යයෙන් මෙයා කොක්කෙ!!! " අපි සල්ලිත් ගෙවලා පිටත් වෙන්න හදනකොට කෙනෙක් කිව්වා....
පුළුවන් කමක් තියෙනව නම් මහාචාර්‍ය නන්දසේන රත්නපාලයන් විසින් රචිත,
" මේ ජීවිතයේ දීම පලදෙන කර්මය " පොත හොයගෙන කියවලා බලන්න!!!
.